Songtexte.com Drucklogo

Mal Yaaya Songtext
von MasterD

Mal Yaaya Songtext

ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි ද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ


අපි ඔහේ සැතපෙන වාර හුඟයි
දුවගෙන යන ගතු අඩිපාර දුරයි
හුඟ දුරක් ඇවිදලා මට පාර හුරුයි
දැන් පහු කරේ ආයෙ මම මාව තමයි
රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳහිට දෙනෙක් කෙනෙක් කනේ තාල පලයි
රටේ ගණන් ගියා එක පාර සීනියි අලයි
හරි දැනගෙන කෙටු මොලේ මාර මුලයි
එක එකා කියවපු දිලිසෙන අර පාට කෝ
පීත පීත කියලා දැන් බිම දාපු අරමුණු කෝ
අතපත ගාලා කළුවරේ ගත්ත ණය බර දෝ
මගේ පොඩි එකා මගේ ණය බර ගණන් කරයි දෝ
අතින් අත ගියා රට කටින් කට ගියා මගේ රැප
පිරිවරා කොහෙ ඉපදුණු මට සුරංගනා කතා නෙමෙයි ලියවුණේ අලුයමෙ පද
හොරු කියා එකෙක් ඉන්නේ නැතිකොට
ඇති නැති පරතරය බිහි කළා වෙන වෙන මත
දරාගන්න ගියා පිහි ඇනුමට
අපි ඔහේ හිටියට හිටියේ නෑ අපි කිව්ව රැප
කඩා ගෙන ගියා බඳ උඩටම
කාටද ලියන්නේ පඩත්තල වක්කඩ කඩා කියවන උන්ට රැපෙන් මං දෙන්නම් ඔබ ඔබා
එන්නෙ බබා රසින් හඹා මගේ රැප කෙටුවා හිතේ උඹේ පණ කෙටුවා වගේ මහ බඹා
බල්ටි ගැහුවේ නෑ රබා
අහු දාලා කපා ගන්න බැරි තනි රැපක්
බෙර පදේ එන්නේ අඩි තියන් පද නටා
උඹේ සතා එන්නේ වලා සඳ පලා අහන් ඉන්න මගේ කතා
අඩෝ ගිනි කකා

ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි ද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ


කවුරුත් ඉල්ලුවද මට රැප දෙන්න කිර්ති
හුඟ දෙනෙක් ගලුත් තියලා දැම්මා බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දී රුත්ති
කට ඇරන් බලන් ඉන්නේ උඹ නෙවෙයි පත්ති
පිටිකිරි ද හිටි පිළිම ගෙනත් පිටරටින්
කොට පිරිමි උස නිලමේ උන්නා උගේ කටින්
අරන් කරඹ යායේ ඇඬු කිරලා
ඌ දැන් වටින් ඉලුකුකරක වහලා
දැන් ඉන්නේ ඌ තද මතින්
පිට කසන හුඟ දෙනෙක්ට උන්නා මගේ රැප
බස්ස දස්සම ගම පුරා මම බස්තම අරන් නුඹ දණ ගස්සන බසින් නිති රසින් වැස්සූ අසනි ලද මතින්
ඉඳා කසිඳ තලා ගනින් උඹේ හිතේ කැපුම් කැක්කුම් අර වැදුම් ඇදුම්
ලද්දෝ ගත්තා දෙනවා වේදෝ
පොඩි එකා මිරිකල ඇත්දෝ
කවදා මුන් මාගේ රටින් යද්දෝ, මම යැද්දෝ
මගෙ රැප මන් දෙන උඹෙ මන ගත්දෝ මම හෙළ රැප

ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි ද මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Quiz
Wer will in seinem Song aufgeweckt werden?

Fans

»Mal Yaaya« gefällt bisher niemandem.