Songtexte.com Drucklogo

Wessa Walaahaka Songtext
von Nanda Malini

Wessa Walaahaka Songtext

සුළඟ වෙසින් ඉගිල්ලිලා සතර අතට පැන
නිල් ගංඟා කුමරියගේ නළල් තලය සිඹ
ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝතට ගෙන
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන

වෙල් යායේ නියර දිගේ තැනින් තැනට පැන
කොක්කු නටති වක්කඩ ලඟ පෙළින් පෙළට ඉඳ
සසර සරන සියලු සතට සැපත සුවය ගෙන
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන


සුළඟ වෙසින් ඉගිල්ලිලා සතර අතට පැන
නිල් ගංඟා කුමරියගේ නළල් තලය සිඹ
ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝතට ගෙන
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන

කෙතේ දුවන අම්බරුවන් විඩා නිවාලන
දහදිය බිඳු මුතුකැට බිඳ සියොළඟ සනසන
සඳුන් සිහිල් පැන් ඉස ඉස අහස් තලෙන් පැන
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන

සුළඟ වෙසින් ඉගිල්ලිලා සතර අතට පැන
නිල් ගංඟා කුමරියගේ නළල් තලය සිඹ
ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබ දෝතට ගෙන
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Nanda Malini

Ähnliche Artists

Quiz
Wer ist gemeint mit „The King of Pop“?

Fans

»Wessa Walaahaka« gefällt bisher niemandem.